හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි
May 12, 2026 03:11 pm
හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ.
ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මෙලෙස පිටව ගොස් තිබේ.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරමින් පවතින විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොමිසම විසින් කළ කැඳවීමකට අනුව ඔහු අද (12) කොමිසම වෙත පැමිණ තිබුණි.
ඒ අනුව අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මෙලෙස පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.
