දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
May 10, 2026 12:29 pm
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ, උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වයේ බලපෑම හේතුවෙන් මෙම ප්‍රදේශ සඳහා අද(10) මි.මී. 100 වැඩි තද වැසි ඇති විය හැකි බව නිවේදනයේ සඳහන් වෙයි.
ගිගුරුම් සහිත තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම දෙනු ලබයි.
