දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ 

දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ 

May 9, 2026   10:20 pm

බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ. 

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර සහ වැල්ලවාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ මෙම අනතුරු ඇවීම නිකුත් කර ඇත.

මෙම අනතුරු ඇඟවීම අද (09) රාත්‍රී 09.30 සිට හෙට (10) රාත්‍රී 09.30 දක්වා වලංගුවේ.