කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්

කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්

May 9, 2026   08:18 pm

අඹතලේ සිට කඩුවෙල  ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගයේ හදිසි බිඳ වැටිමක් සිදුව තිබේ.

මේ හේතුවෙන් අද (09) පස්වරු 7.30 සිට හෙට (10) දින පස්වරු 1 දක්වා කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කඩුවෙල, කොතලාවල, වැලිවිට, හේවාගම, කොරොතොට, බෝමිරිය, නවගමුව, රණාල, කහන්තොට යන ප්‍රදේශ සඳහා මෙම ජල සැපයුම ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද එම මණ්ඩලය සඳහන් කළේය.