ආරක්ෂක ලේකම් සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා
May 9, 2026 11:42 am
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා මහතා සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙම හමුවේදී දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම සහ ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමුව ඇත.
මෙරටට දක්වන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් වියට්නාම රජයට සහ මෙරට සංචාරයේ නිරත දූත පිරිසට ආරක්ෂක ලේකම්වරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය.
දෙපාර්ශ්වයටම වැදගත් වන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සමඟ සමීපව කටයුතු කිරීමට වියට්නාමයේ ඇති කැපවීම ද නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද සිය සුබ පැතුම් එක් කළ ඔහු, සුරක්ෂිත සහ සහයෝගී අනාගතයක් සඳහා වූ හවුල් දැක්ම පිළිබඳව යළි සහතික විය.
