මත්ද්‍රව්‍ය සමඟ තරුණයෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සමඟ තරුණයෙකු අත්අඩංගුවට

May 9, 2026   09:37 am

මාදිවෙල ප්‍රදේශයේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.   

බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මේ අතර එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 58ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 34ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වෙයි.

26 හැවිරිදි සැකකරු මාදිවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.