උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
May 7, 2026 03:48 pm
පළාත් කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.
අද (07) ප.ව. 03.30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (08) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත්කර ඇත.
සබරගමුව, උතුරු, උතුරු - මැද, වයඹ, නැගෙනහිර පළාත් සහ හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කල යුතු " මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මිනිස් ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම අවම කර ගැනීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
