ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා නායකයෙකු ඉලක්ක කර බේරූට් වෙත ඊශ්‍රායල ප්‍රහාර
May 7, 2026 06:11 am
සටන් විරාමයකට එකඟවීමෙන් අනතුරුව පළමු වරට ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ලෙබනනයේ බේරූට් වෙත ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇත්තේ, හිස්බුල්ලා සංවිධානයේ මූලස්ථානයක් වන බේරූට් නගරයේ දහියෙහ් (Dahieh) ප්‍රදේශය වෙතය.
ප්‍රහාරය එල්ල වීමත් සමඟ විශාල ගින්නක් ඇතිව තිබෙන අතර, ගොඩනැගිල්ලකට දැඩි හානි සිදුව තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් ඇත්තේ, හිස්බුල්ලා සංවිධානයේ රඩ්වාන් බළකායේ අණදෙන නිලධාරියෙකු ඉලක්ක කර එල්ල කළ මෙම ප්‍රහාරය තමන් පෞද්ගලිකව අනුමත කළ බවය.
හිස්බුල්ලා සාමාජිකයින් රැස්වීමක සිටියදී මෙම ප්‍රහාරය එරට වේලාවෙන් රාත්‍රී 8ට පමණ එල්ල වී ඇති අතර, ප්‍රහාරය සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් 16 වන දින ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාම ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බේරූට් වෙත එල්ල වූ පළමු ප්‍රහාරය මෙයයි.
