හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉරානයෙන් අමෙරිකානු යුද නෞකාවකට මිසයිල ප්‍රහාරයක්
May 4, 2026 04:28 pm
හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ කළ අමෙරිකානු යුද නෞකාවක් වැළැක්වීමට තමන් පියවර ගත් බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
ඉරානය විසින් ලබාදුන් අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් ජාස්ක් (Jask) දූපත අසලදී අමෙරිකානු යුද නෞකාවට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කළ බව එරට මාද්‍ය පවසා තිබේ.
ප්‍රහාරයෙන් පසුව අදාළ යුද නෞකාව එම ප්‍රදේශයෙන් ආපසු හැරී ගොස් ඇති බව සඳහන් වේ. මීට අමතරව, හෝමූස් සමුද්‍ර සන්ධියට අමෙරිකානු යුද නෞකා ඇතුළු වීම වැළැක්වූ බව ඉරාන නාවික හමුදාව එරට රජයේ රූපවාහිනිය ඔස්සේ තහවුරු කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ මුහුදු සීමාවේ පවතින නෞකා ආරක්ෂිතව පිටතට මෙහෙයවීමට අමෙරිකාව කටයුතු කරන බවය.
