සටන් විරාමය මධ්‍යයේත් ලෙබනනයේ මරණ සංඛ්‍යාව ඉහළට

සටන් විරාමය මධ්‍යයේත් ලෙබනනයේ මරණ සංඛ්‍යාව ඉහළට

May 3, 2026   10:13 pm

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර සති දෙකකට වැඩි කාලයක් ගත වී ඇතත්, ලෙබනනය තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 2,679 දක්වා ඉහළ ගොස් ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය අද (03) නිවේදනය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව මෙම මරණ වාර්තා වන්නේ පසුගිය මාර්තු 2 වෙනිදා සිට ක්‍රියාත්මක වූ ප්‍රහාර මාලාවන්ට අදාළවය.

අප්‍රේල් 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට සටන් විරාමය බලාත්මක වන විට ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2,294ක් ලෙස සටහන්ව ඇත.

එහෙත් සටන් විරාමය ක්‍රියාත්මක වූ දින සිට මේ දක්වා ගතවූ කෙටි කාලය තුළ පමණක් අවම වශයෙන් තවත් පුද්ගලයින් 385 දෙනෙකු ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.

අමේ අතර, අද දිනයේද දකුණු ලෙබනනයේ නගර කිහිපයක පදිංචිකරුවන්ට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව හදිසි නියෝගයක් නිකුත් කර තිබේ.