බස් රියදුරුට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාලු පාරේ අනතුරක්
April 29, 2026 09:48 am
මොරටුව දෙස සිට පානදුර දෙසට ගමන් ගත් බස් රථයක් රියදුරුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මාර්ගයේ විරුද්ධ දෙසට ධාවනය වී අසල තිබූ නිවසක වැදී බස් රථය නැවතී ඇත.
අනතුරෙන් බස් රථයේ කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති අතර මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක බස්රථය ගැටී එහි ගමන්ගත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ පානදුර මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු මොරටුව පොලීසිය රථ වාහන අංශය විසින් සිදුකරනු ලබයි.
