අදත් ප්‍රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ වැසි
April 28, 2026 05:31 am
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දකුණු පළාතෙත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී වැසි ඇති විය හැකි බවය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
