නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

April 27, 2026   06:48 pm

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලූව ලැක්ටෝවත්ත ප‍්‍රදේශයේ පිහිටි දහන උදුනේදී විනාශ කිරීම අද (27) දින සිදු විය. 

මෙලෙස විනාශ කෙරුණේ, පසුගිය සමයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කරන ලද වැටලීම් මගින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය අතරින් හලාවත හා බලපිටිය අධිකරණයන්හිදී නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගය.

ඒ අනුව හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 22ක් හා ග‍්‍රෑම් 888ක් ද කේරළ ගංජා කිලෝ 33 ග‍්‍රෑම් 172 ක් සහ ගංජා කිලෝ 247ක් හා ග‍්‍රෑම් 940ක් යන ප‍්‍රමාණයක් විනාශ කිරීම කෙරුණි.