පියා සහ පුතා අතර බහින්බස්වීම මරණයකින් කෙළවර වෙයි
April 25, 2026 06:59 am
තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කිරීමේ සිද්ධියකට සැකපිට ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මාතලේ පොලිස් වසමේ අතිරහපිටිය ප්‍රදේශයේදී ඊයේ (24) උදෑසන මෙම ඝාතනය සිදුකර තිබේ.
ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු 64ක් වූ අතිරහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිසිය සඳහන් කළේ, මරණකරුගේ පුත්‍රයා සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවය.
සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක් වන සැකකරුවෙකි.
මාතලේ පොලිස් ස්ථානය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
