ඉතිහාසය වෙනස්කළ තමිල්නාඩුවේ මහ මැතිවරණය
April 23, 2026 09:46 pm
ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් මෙවර තමිල්ණාඩු මහ මැතිවරණයේදී 84.6%ක දැවැන්ත ඡන්ද ප්‍රතිශතයක් ප්රකාශිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
1952 වසරෙන් පසුව එම ප්‍රාන්තයේ පැවැති මැතිවරණයකදී වාර්තා වූ ඉහළම සහභාගීත්වය මෙය වන අතර, 2011 වසරේ 78.29%ක පෙර වාර්තාවද මෙවර බිඳ වැටී ඇති බව සඳහන්ය
චෙන්නායි නගරයේ පවා අද 5.00ට 81.34%ක ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශය වී විශේෂත්වයකි.
ප්‍රාන්තය පුරා ඡන්ද මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, නවක ඡන්දදායකයින් සිට වැඩිහිටියන් දක්වා උද්යෝගයෙන් ඡන්දය ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.
කොයිම්බතූර් ප්‍රදේශයේදී ඡන්දදායකයින් පිළිගැනීමට “ටීනා” නම් රොබෝවරියක් යොදා ගැනීමද අවධානයට ලක් විය.
එමෙන්ම චෙන්නායිහිදී අලුත විවාහ වූ යුවළක් මංගල ඇඳුමින්ම පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීමද විශේෂ සිදුවීමක් විය.
මෙවර මැතිවරණයේදී ආසන 234ක් සඳහා අපේක්ෂකයින් 4,023 දෙනෙකු තරග වැදී සිටින අතර, DMK සන්ධානය, ADMK ප්රමුඛ National Democratic Alliance සන්ධානය, TVK පක්ෂය (නළු විජේගේ නායකත්වයෙන්), සහ Naam Tamilar Katchi පක්ෂය (Seemanගේ නායකත්වයෙන්) අතර දැඩි තරඟයක් පවතී.
