ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස චමින්ද පතිරාජ පත්කෙරේ
April 22, 2026 03:44 pm
ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස ඉරාජ් චමින්ද පතිරාජ මහතා පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන පතිරාජ මහතා, ඉකුත් 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තනතුරේ පූර්ණ කාලීනව වැඩබැලීම සඳහා පත්කිරීමට අනුමැතිය ලබාදී තිබුණි.
ඒ අනුව මහතා ස්ථිර පදනමින් ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරට පත් කිරීම සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇත.
