පොල් කර්මාන්තයේ පුනරුදයට නව නිලධාරින් 56ක්
April 20, 2026 09:03 pm
පොල් වගා කිරීමේ මණ්ඩලයට සහ පොල් සංවර්ධන අධිකාරිය සඳහා නව නිලධාරින් 56 දෙනෙකුට පත්වීමේ ලිපි ප්රදානය කර තිබේ.
ඒ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසිනි.
දිගුකාලීනව පැවති මානව සම්පත් හිඟය පිරවීම තුළින් පොල් ක්ෂේත්රයේ පරිපාලන, තාක්ෂණික සහ ක්ෂේත්‍ර මට්ටමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
ඒ අනුව අධ්යක්ෂ, සහකාර අධ්යක්ෂ, ප්‍රාදේශීය කළමණාකරු, ව්‍යාප්ත නිලධාරි, පර්යේෂණාගාර සහායක, කාර්මික සහකාර, ක්ෂේත්‍ර නිලධාරි, ගොවිපල සැලසුම් නිලධාරි ඇතුළු පුරප්පාඩු වූ තනතුරු රැසකට අදාළ පත්වීම් එහිදී ලබාදී ඇත.
