එප්පාවල ප්‍රදේශයෙන් මතු වූ ජීව අත්බෝම්බය 

එප්පාවල ප්‍රදේශයෙන් මතු වූ ජීව අත්බෝම්බය 

April 19, 2026   12:56 pm

එප්පාවල, ඇඳගල නබඩවැවේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ. 

නබඩවැව පාලම අසල ඊයේ (18) පස්වරුවේ දිය නෑමට පැමිණ පුද්ගලයෙකුට වැව තුළ තිබී මෙම අත්බෝම්බය හමුවී ඇති අතර, ඒ පිළිබඳ එප්පාවල පොලීසිය දැනුම්වත් කර ඇත. 

ඒ අනුව අදාළ බෝම්බය ඇති ස්ථානයට  ආරක්ෂාවට යොදවා ඇති අතර, මේ පිළිබඳව තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

එම අත්බෝම්බය තරමක් මලකඩ කා ඇති අතර, කිසියම් පුද්ගලයකු ඇඳගල - බුල්නෑව මාර්ගයේ පිහිටි නබඩවැව පාලම අසලින් මෙම බෝම්බය වැවට විසි කරන්නට ඇති බව පොලීසිය සැක පළ කරයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා මෙම අත්බෝම්බය පුපුරුවා හැරීමට නියමිත බව පොලීසිය පවසයි.