අපරාධ රැසකට සෙවූ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
April 17, 2026 10:51 pm
ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ දරුණු ගණයේ අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් මීට සුළු වේලාවකට පෙර මෙරටට රැගෙන එනු ලැබීය.
ඝාතන ඇතුළු අපරාධ සිද්ධි 15කට අධික සංඛ්යාවකට පොලීසියට අවශ්යව සිටින රාජු, ඉන්දියාවේදී එරට ආරක්ෂක අංශ පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහු, සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කරන්දෙණියේ සුද්දාගේ සොහොයුරා වෙයි.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් යානයකින් සැකකරු දිවයිනට රැගෙන ආවේ.
ඔහු විවෘත වරෙන්තු 16ක්, ගුවන් ගමන් තහනම් 24ක් මෙන්ම ජාත්යන්තර පොලීසියේ රතු නිවේදනද ලැබූවෙකි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන සෝබනාහන්දි සනත් ද සිල්වා නොහොත් " SF රාජු "නමැත්තා පසුගියදා ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබීය.
කලක් ඩුබායි හි සැඟව සිටි ඔහු ග්රීසිය බලා පලායෑමේ අරමුණින් ඉන්දියාවට පැමිණ තිබූ අවස්ථාවේ ජාත්යන්තර පොලිසියේද සහාය ඇතිව ඉන්දීය ආරක්ෂක අංශ විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන කරන්දෙණියේ සුද්දාගේ සොහොයුරා වන සනත් ද සිල්වා හෙවත් රාජු නමැත්තා පිළිබඳව මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය පසුගිය සමයේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
කරන්දෙණිය සුද්දා මෙරටදී සිදුකළ සියලුම මනුෂ්ය ඝාතන මෙන්ම එම අපරාධ සැලසුම් කිරීම සහ අවි ආයුධ ප්රවාහනය සිදුකර ඇත්තේ රාජු නමැති මෙම පුද්ගලයා විසින් බවට තොරතුරු අනාවරණ වී ඇති බව පැවසෙයි.
දිවයිනට රැගෙන ආ "රාජු " වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නාරාහේන්පිට මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශයට රැගෙන ගොස් තිබේ.
