ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්
April 16, 2026 03:34 pm
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් හෙට (17) ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමක් යථාවත් කිරීම සඳහා අවශ්‍ය කාර්යයන් මේ වනවිටත් සිදු කරමින් පවතින බැවින් මෙම තීරණය ගෙන ඇති බවය.

