විදෙස් දුම්වැටි සමඟ චීන ජාතිකයින් 6ක් ගුවන්තොටේදී කොටු
April 16, 2026 10:36 am
නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ චීන ජාතිකයින් 6 දෙනෙකු ගුවන් තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට නෙ තිබේ.
ගුවන් යානා තුනකින් අද (16) අලුයම දිවයිනට පැමිණි මෙම චීන ජාතිකයින් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී අත්අඩංගුවට ගත් බව අද දෙරණ ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.
එහිදී ඔවුන් රැගෙන ආ ගමන් මළු තුළ තිබී චීනයේ නිෂ්පාදිත දුම්වැටි 75,900ක් සොයාගෙන තිබේ.
අදාළ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි දහතුන් ලක්ෂ අසූ පන් දහසක් වන බව වාර්තා වෙයි.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
