ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු මරුට
April 14, 2026 07:41 am
කොල්ලුපිටිය, සී.වී. ඇවනිව් ප්රදේශයේ ඉදිවෙමින් පවතින තට්ටු ගොඩනැගිල්ලක තුන්වන මහලින් ඇද වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් වන තලවකැලේ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ඉදිවෙමින් පවතින තට්ටු ගොඩනැගිල්ලක තුන්වන මහලේ පලංචි මගින් යකඩ කොටස සවිකිරීමට යාමේදි පය ලිස්සා වැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොල්ලුපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
