ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායෙන් අනතුරු ඇඟවීමක් 

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායෙන් අනතුරු ඇඟවීමක් 

April 12, 2026   10:36 pm

හෝමූස් සමුද්‍ර සන්ධියට යුද නෞකාවක් ළඟාවීම යනු සටන් විරාමය උල්ලංඝනය කිරීමක් සේ සලකන බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) පවසයි.

ඒ අනුව සටන් විරාමය උල්ලංඝනය කළහොත්, ඊට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට එම බළකාය අවධාරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධිය අමෙරිකානු නාවික හමුදාව විසින් අවහිර කර ඇති බවට, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් සිදුකර ඇති පසුබිමකවීම සුවිශේෂීය.

කෙසේ නමුත් මෙම නීතිය බලපාන්නේ යුද නෞකාවලට පමණක් බවත්, සාමාන්‍ය නෞකා ඒ සඳහා බලනොපාන බවත් එම බළකාය වැඩිදුරටත් පවසයි.