චීනය ඉරානයට උදව්කරන බවට ට්‍රම්ප් සැකයෙන්

චීනය ඉරානයට උදව්කරන බවට ට්‍රම්ප් සැකයෙන්

April 12, 2026   10:13 pm

චීනය විසින් ඉරානයට යුද සහයෝගය ලබාදුන හොත් ඔවුන්ට 50%ක තීරු බද්දකට මුහුණදීමට සිදුවනු ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට අනතුරු ඇඟවා ඇත.

කෙසේ නමුත් තම බුද්ධි අංශ පවා එවැනි සැලසුමක් ඇති බවට පෙන්වා දී තිබියදීත්, චීනය එසේ නොකරනු ඇතැයි තමා විශ්වාස කරන බවට ඔහු පවසා තිබේ.

අමෙරිකානු වේලාවෙන් අද (12) පෙවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා ඇත.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, චීනය ඉරානයට 'Shoulder Missiles', ගුවන්යානා නාශක මිසයිලය වැනි යුද සහායන්  ලබාදෙන බවට තොරතුරු වාර්තා වන බවය.

එමෙන්ම 'MANPAD' ලෙසින් හඳුන්වන උරහිසේ තබා එල්ලකරන ගුවන්යානා නාශක මිසයිල පද්ධතිය ඉරානයට ලබාදීමට චීනයේ සූදානමක් ඇති බවත් එහිදී අනාවරණය කර ඇත.