මෙම වසරට අදාළ පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය බෙදාහැර අවසන්
April 10, 2026 05:04 pm
2026 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලැබුණු සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය බෙදාහැර අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
රජයේ හා රජයේ ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට හා රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට, සීල මාතාවන්ට සහ ගිහි සිසුනට 2026 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි සමස්ත ප්‍රමාණය වන රෙදි මීටර් මිලියන 11.484 ක් ප්‍රදානයක් ලෙස මහජන චීන සමූහාණ්ඩුව විසින් ලබා දෙන ලදී.
සිසුන් 4,418,404 ක් සඳහා මේ වන විට සියලුම නිල ඇඳුම් රෙදි බෙදාහැරීම අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
