එප්ස්ටයින් සම්බන්ධ කරන චෝදනා මෙලනියා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
April 10, 2026 07:10 am
අපරාධකරුවෙකු ලෙස වරදකරු වී මියගිය ජෙෆ්රි එප්ස්ටයින් සහ ඔහුගේ සමීප සහායිකාවක වූ ගිස්ලේන් මැක්ස්වෙල් සමග තමන්ට කිසිදු පෞද්ගලික හිතවත්කමක් නොතිබූ බව අමෙරිකානු ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් පවසයි.
එප්ස්ටයින් ඇයව ඩොනල්ඩ් ට්‍රම්ප්ට හඳුන්වා දුන් බවත්, ඔවුන් හා මෙලනියා ට්‍රම්ප් අතර හිතවත්කමක් තිබූ බවටත් පැතිර යන කටකතා ප්‍රතික්ෂේප කරමින් ධවල මන්දිරයේදී විශේෂ ප්‍රකාශයකදී සිදුකරමින් ඇය මේ බව පැවසීය.
එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ, තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සියල්ල පදනම් විරහිත බවය.
"පැහැදිලිවම කිව්වොත් මම කිසි විටෙකත් එප්ස්ටයින් හෝ ඔහුගේ සහකාරිය (ගිස්ලේන්) මැක්ස්වෙල් සමග හිතවත්කමක් පවත්වා නෑ" ඇය පවසයි.
මේ අතර ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප්, ජෙෆ්රි එප්ස්ටයින් සමග ඇති සම්බන්ධතා ප්‍රතික්ෂේප කරමින්, ධවල මන්දිරයද වාර්තාකරුවන්ට දැනුම්දී ඇත්තේ, දෙදෙනා සම්බන්ධ කරන ඕනෑම ප්‍රකාශයක් 'අද අවසන් කළ යුතු' බවයි.
