සූර්යයා අද සෘජුවම ඉහළින් පවතින ප්‍රදේශ මෙන්න
April 10, 2026 06:33 am
බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (10) ප.ව 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හැරෙන්න දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්ද පැවතිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර සූර්යයා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී අද දහවල් 12:11ට නාගවිල්ලුව, ගල්ගමුව, සීගිරිය, පලුගස්දමන සහ මාන්කර්නි යන ප්‍රදේශවලට හිරු මුදුන්වනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.
