ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබීමේ හොකී සටනේ අවසන් තරගයට

ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබීමේ හොකී සටනේ අවසන් තරගයට

April 9, 2026   06:27 pm

2026 ආසියානු ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබීමේ හොකී තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (9) සමත් විය.

අද පැවති දෙවන අවසන් පූර්ව තරගයේදී ඉන්දුනීසියාව ගෝල 3-2ක් ලෙස පරාජය කරමින් ඔවුන් මෙම කඩඉම සම්පූර්ණ කරගත්තේය.

ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබිමේ හොකී තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වේ.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වූ අතර, ඒ හේතුවෙන් ඔවුන්ට අද තරගය ක්‍රීඩාකිරීමට පෙරම ආසියානු ක්‍රීඩා උලෙළට  සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදාවී තිබුණි.

තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන අතර, එහි අවසන් මහා තරගය අප්‍රේල් 10වනදා ඕමානයට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇත.