ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ලෙබනනයේ තුවාල වූ පිරිස අතර ශ්‍රී ලාංකික කතක්
April 9, 2026 12:38 pm
ලෙබනනයට ඊයේ (08) දිනයේ එල්ල වූ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික කාන්තාවකට ද සුළු තුවාල සිදුවී ඇති බව වාර්තා වේ.
බේරූට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ අදාළ කාන්තාව මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවය.
ඊශ්‍රායල විසින් ලෙබනනය වෙත මිනිත්තු 10ක් තුළ එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාව හේතුවෙන් මේ වන විට 254කු මියගොස් තවත් 1,165කුට තුවාල සිදු වී ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.
