අමෙරිකාවේ සියලු අරමුණු ඉටු කරගත් බවට ධවල මන්දිරයෙන් නිවේදනයක්
April 9, 2026 07:03 am
ඉරාන යුද්ධය ආරම්භයේ සිට අමෙරිකාව සතු වූ "සෑම අරමුණක්ම" සාර්ථකව ඉටු කරගෙන ඇති බව ධවල මන්දිරය යළිත් තහවුරු කර තිබේ.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ධවල මන්දිරය සඳහන් කර ඇත්තේ, ඉරාන නාවික හමුදාව විනාශ කර ඇති බවත්, ටෙහෙරානයේ ආරක්ෂක කාර්මික පදනම සහමුලින්ම අතුගා දමා ඇති බවත්ය.
එමෙන්ම ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් ද ව්‍යර්ථ කර ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ.
ධවල මන්දිරය නිකුත් කළ ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.
"කළාපයට තර්ජනයක් වීමට ඉරානයට තිබූ හැකියාව ක්‍රමානුකූලව සහ සම්පූර්ණයෙන්ම බිඳ දමා ඇත."
