ඊශ්‍රායලයට හිස්බුල්ලා සංවිධානයෙන් රොකට් ප්‍රහාර

ඊශ්‍රායලයට හිස්බුල්ලා සංවිධානයෙන් රොකට් ප්‍රහාර

April 9, 2026   06:41 am

ඊශ්‍රායලය විසින් සිදුකරනු ලබන සටන් විරාම උල්ලංඝනය කිරීම්වලට ප්‍රතිචාරයක් ලෙස උතුරු ඊශ්‍රායලයේ මනාරා ජනාවාස වෙත අද (09) අලුයම රොකට් ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි.

ටෙලිග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කර ඇත්තේ,

"අපේ රටට සහ අපේ ජනතාවට එරෙහිව එල්ල වන ඊශ්‍රායල- අමෙරිකානු ආක්‍රමණ නතර වන තුරු මෙම ප්‍රතිචාර දැක්වීම් දිගටම ක්‍රියාත්මක වනු ඇත" යනුවෙනි.

මේ අතර, ලෙබනනයේ සිට එල්ල කරන ලද එක් රොකට් ප්‍රහාරයක් ගුවනේදීම විනාශ කර දැමීමට සමත් වූ බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබේ.