අමෙරිකානු - ඉරාන තීරණාත්මක සාකච්ඡා අප්‍රේල් 10 සිට
April 8, 2026 05:41 am
ඉරානයේ උත්තරීතර ආරක්ෂක කවුන්සිලය විසින් පාකිස්තානය හරහා අමෙරිකාවට කරුණු 10කින් යුත් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, ඉරානය සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අප්‍රේල් 10 වන දින සිට පාකිස්තානයේ ඉස්ලාමාබාද් නගරයේදී පැවැත්වීමට නියමිතය.
සටන් විරාමයට ඉරානයෙන් දුන් දස වැදෑරුම් සැලැස්ම
1. ඉරාකය, ලෙබනනය සහ යේමනයට එරෙහි යුද්ධය සම්පූර්ණයෙන් නැවැත්වීම.
2. කාල සීමාවක් නොමැතිව ඉරානයට එරෙහි යුද්ධය සම්පූර්ණයෙන් සහ ස්ථිරව නැවැත්වීම.
3. කලාපයේ සියලුම ගැටුම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීම.
4. හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම.
5. හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතුවල නිදහස සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා නිල විධිමත් ක්‍රියාවලියක් සහ කොන්දේසි ස්ථාපිත කිරීම.
6. ඉරානය ප්‍රතිසංස්කරණය සඳහා යන වියදම් පියවා ගැනීමට වන්දි ගෙවීම.
7. ඉරානයට පනවා ඇති සම්බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පූර්ණ කැපවීම.
8. එක්සත් ජනපදය රඳවාගෙන ඇති ඉරාන අරමුදල් සහ වත්කම් නිදහස් කිරීම.
9. කිසිදු න්‍යෂ්ටික අවියක් සන්තකයේ තබා නොගැනීමට ඉරානයේ සම්පූර්ණ සහතික වීම.
10. මෙම කොන්දේසි අනුමත වූ වහාම සටන් විරාමය ක්‍රියාත්මක වේ.
