ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය

ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය

April 7, 2026   08:53 am

ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 

කුඩා බෝට්ටු සඳහා ලීටරයකට රුපියල් 50ක් සහ බහුදින ධීවර බෝට්ටු සඳහා එක් සංචාරයකට රුපියල් 150,000ක් වනු ඇත.

ධීවර අමාත්‍යාංශය දන්වා සිටින්නේ අප්‍රේල් 20 වන දින සිට මෙය ක්‍රියාත්මක වන බවය.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාවය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ, මෙරට ධීවර ක්ෂේත්‍රය මුහුණ දී ඇති බරපතළ ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (06) පැවැත්විණි.

ඒ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

ධිවර කර්මාන්තය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සහ ධීවර ප්‍රජාව මුහුණ දී ඇති ආර්ථික පීඩනය අවම කිරීම අරමුණු කරගනිමින්, ඔවුන් වෙත විශේෂ දීමනාවක් ලබා දීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය ද යොමුව තිබුණි.

ඒ අනුව අදාළ දීමනාව සඳහා මෙසේ කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සඳහන්.