සයිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 28කින් ඉහළට
April 6, 2026 11:16 pm
අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම සුපර් ඩීසල් මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 28කින් ඉහළ දමා ඇති බවය.
ඒ අනුව රුපියල් 572ක්ව පැවති සයිනොපෙක් සමාගමේ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක් වී තිබේ.
කෙසේවෙතත් ඔක්ටේන් 92 , 95 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල වෙනසක් සිදුනොවන බව එම සමාගම පවසයි.
මීට පෙරද සයිනොපෙක් සමාගම සුපර් ඩීසල් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මිල ඉහළ දැමීමට පියවර ගනු ලැබීය.
