කොහුවලදී විදෙස් කතක් ඝාතනය කිරීමේ සිදුවීමට චීන ජාතිකයෙකු අත්අඩංගුවට
April 6, 2026 08:48 am
කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ විදෙස් ජාතික කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොල්ලුපිටිය, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ පිහිටි හෝටලයකදී මෙම සැකකරුවා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී කැමරා 03 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 280ක් ද සොයා ගෙන ඇත.
අදාළ චීන ජාතිකයා වයස අවුරුදු 26 ක් වන පුද්ගලයෙකු බවද සඳහන්.
සැකකරු අද (06) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර කොහුවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
