තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
April 6, 2026 06:41 am
පනාමුර, වෑඅතුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 46ක් වූ වෑඅතුර පනාමුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා ඊයේ (05) රාත්‍රීයේ ප්‍රදේශයේ වෙනත් නිවසකට ගොස් සිටියදී එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අතින් පයින් සහ තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල ලබා සිටියදී රෝහල් ගතකර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පනාමුර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
