හෝමාගම සහ ඒ අවට ප්රදේශ වෙත අද පැය 12ක ජල කප්පාදුවක්
April 6, 2026 06:14 am
හෝමාගම සහ ඒ අවට ප්රදේශවල (කලාප අංක 01) සඳහා පැය 12ක ජල කප්පාදුවක් අද (06) දිනයේ සිදුකෙරෙන බව ජාතික ජලාපවහන මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ පාදුක්ක සහ අවට ප්රදේශ සඳහා මේ වන විට ක්රියාත්මක වන ජල සැපයුම අත්හිටුවීම අද උදෑසන 08.00ට අවසන් වන බවය.
එ් අනුව හෝමාගම සහ ඒ අවට ප්රදේශ සඳහා උදෑසන 08.00 සිට පස්වරු 8.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට එම මණ්ඩලය පියවර ගනු ලැබීය.
