යුද උණුසුම මැද පළමුවරට ජපන් සහ ප්‍රංශ නැව් හෝමූස් තරණය කරයි

යුද උණුසුම මැද පළමුවරට ජපන් සහ ප්‍රංශ නැව් හෝමූස් තරණය කරයි

April 4, 2026   11:03 am

ඉරානයට එරෙහි යුද්ධය ආරම්භවීමෙන් අනතුරුව පළමුවරට ප්‍රංශය, ජපානය සහ ඕමානයට අයත් යාත්‍රා ඊයේ (3) හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව යුද උණුසුම මැද හෝමූස් තරණය කළ යාත්‍රා අයත් රටවල් අතළොස්ස අතරට ජපානය, ප්‍රංශය හා ඕමානය ඇතුළත් විය.

ප්‍රංශ බහාලුම් නෞකාවක්, ජපානයට අයත් ගෑස් ප්‍රවාහන නෞකාවක් සහ ඕමානයට සම්බන්ධ නෞකා 3ක් මෙලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කර ඇත. 

එමෙන්ම අමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කිරීමෙන් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉරානය අවසර දුන් බටහිර රටකට අයත් පළමු නෞකාව වන්නේද ප්‍රංශයට අයත් මෙම බහාලුම් නෞකාව බව සඳහන්ය.

මේ අතර පර්සියානු බොක්ක ආශ්‍රිතව ජපානයට අනුබද්ධ නෞකා 45ක් තිබෙන බව වාර්තා වේ.

කෙසේ නමුත් මෙම නෞකා ඉරානය විසින් අනුමත කරන ලද මුහුදු මාර්ගයක් ඔස්සේ යාත්‍රා කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඉරානය විසින් කොපමණ නෞකා සංඛ්‍යාවකට මෙම මාර්ගය භාවිතා කිරීමට අවසර දී ඇත්ද යන්න ගැන සඳහනක් නොමැත.