අමෙරිකානු A-10 යානයකටත් ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්
April 4, 2026 07:17 am
ඉරාන ආරක්ෂක අංශ විසින් අමෙරිකානු 'A-10' වර්ගයේ යානයකටද මිසයිල ප්‍රහාරයක් එල්ලකර බිම හෙලා තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය අසල ඉහළ අහසේ දී ඊයේ (3) මෙම යානය ප්‍රහාරයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ප්‍රහාරය එල්ල වනවාත් සමග ගුවන් නියමුවා ඉන් පිටතට පැන දිවි බේරාගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඊයේ (3) බිමහෙළු F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා ගමන්ගත් යානයක් බව සඳහන්ය.
ඒ අනුව දිනක් තුළ අමෙරිකාවට ප්‍රහාරක යානා දෙකක් අහිමි විය.
'Warthog' යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙන A-10 යානය තනි ආසන යානයක්ය
මේ අතර අදාළ ගුවන් නියමුවේ සෙවීමේ අමෙරිකානු සෝදිසි මෙහෙයුම අතරතුර ඉරාන පොලීසිය විසින් අමෙරිකානු හෙලිකොප්ටර් යානාවලට වෙඩි තබා තිබේ.
