මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

April 4, 2026   06:23 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (04) දින 36ක් ගතවී ඇත.

----------------------------------

UPDATE - 11.46 AM

ඉරාකයේ බටහිර ප්‍රදේශයේ අල්-කායිම් නගරයේ පිහිටි PMF මූලස්ථානයට සහ Mosul නගරයේ පිහිටි එම කණ්ඩායමේ 34 වන බළකායේ මූලස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ.

---------------------------------

UPDATE - 11.30 AM

දකුණු ලෙබනනයේ Tyre නගරයේ ප්‍රදේශයකට, ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

----------------------------------

UPDATE - 11.03 AM

ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව පළමුවරට ප්‍රංශයට අයත් යාත්‍රාවක් සහ ජපානයට අයත් යාත්‍රාවක් ඊයේ (03) හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

--------------------

UPDATE - 10.22 AM

අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කළ ඉකුත් පෙබරවාරි 28වනදා සිට මේ දක්වා කාලය තුළ අමෙරිකානු සෙබළුන් 350කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.

පෙන්ටගනය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව යුද, ගුවන්, නාවික හා මැරීන් යන සිව් අංශයන්හි සෙබළු 365ක් තුවාල ලබා ඇත.

-----------------------

UPDATE - 10.00 AM

ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් බිම හෙළු අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සොයාදෙන්නෙකුට ත්‍යාගයක් ලබා දෙන බව ටෙහෙරාන් රජය ඉරාන වැසියන්ට දැනුම්දීමක් කර ඇත.

-----------------------------------

UPDATE - 9.45 AM

සිරියාවේ අගනුවර වන දමස්කස් සහ එහි අවට ප්‍රදේශවල අද (4) අලුයම පිපිරීම් ඇසුණු බව එරට රාජ්‍ය රූපවාහිනිය පවසයි. 

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් නිෂ්චිත හේතුවක් වාර්තා කර නොමැති අතර, බොහෝ දුරට එම හඬ ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති විසින් ඉරාන මිසයිල ග්‍රහණය කර ගැනීමක් වන්නට ඇති බවට එරට රාජ්‍ය රූපවාහිනිය පවසා තිබේ.

----------------------------------

UPDATE - 8.30 AM

අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කළ ඉකුත් පෙබරවාරි 28වනදා සිට මේ දක්වා කාලය තුළ අමෙරිකානු සෙබළුන් 350කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.

----------------------------------

UPDATE - 7.00 AM

ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් ඊයේ (3) බිමහෙළු F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා ගමන්ගත් අමෙරිකානු A-10 යානයකටද මිසයිල ප්‍රහාරයක් එල්ලකර බිම හෙලා තිබේ. 

හෝමූස් සමුද්‍ර සන්ධිය අසල ඉහළ අහසේ දී මෙම යානය ප්‍රහාරයට ලක්ව ඇති අතර, ඒ අනුව දිනක් තුළ අමෙරිකාවට ප්‍රහාරක යානා 2ක් අහිමි විය.

----------------------------------

UPDATE - 6.25 AM

ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් බිඳහෙළු අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා අමෙරිකාව මෙන්ම ඉරානයද මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

දකුණු ඉරානයේ දී ඊයේ (3) මෙලෙස බිම හෙළන ලද්දේ  F-15 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් වන අතර, එහි සිටි ගුවන් නියමුවන්ගෙන් එක් අයෙකු බේරාගැනීමට අමෙරිකාවට හැකිවිය.