බලශක්ති ඇමතිගේ කුමන්ත්‍රණයක් ගැන DVගෙන් හෙළිදරව්වක්
April 3, 2026 06:36 pm
බාල ගල්අඟුරු මෙරටට ගෙන්වීමට සම්බන්ධ වාර්තාව ප්‍රසිද්ධ නොකර සිටීමට බලශක්ති අමාත්‍යවරයා දැඩි උත්සහායක් ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පවසයි.
අමාත්‍යවරයා දින පහකට අධික කාලයක් නොරොච්චෝලේ බලාගාරයේ සිට කුමන්ත්‍රණ සිදු කරමින් සිටින බව ද මන්ත්‍රීවරයා අනාවරණ කළේය.
"ගල් අගුරු වංචාව මේ ආණ්ඩුවේ වංචාවක්. මේ ගල්අඟුරු වංචාව නිසා රටේ ලයිට් ටික නිවාගෙන යනවා. අවුරුදු කාලය එනවා, අවුරුදු උත්සවවලට ජෙනරේටර් භාවිත කරන්න වෙලා. හැබැයි ජෙනරේටර්වලට ඉන්ධන ගේන්න වෙන්නෙත් රජයටම තමයි.
ගල්අඟුරු වංචාව වහගන්න අද ජනතාවගේ ඇඟට විදුලිබිල දාලා. නොරොච්චෝලේ පළවෙනි රිපෝර්ට් එක ආවේ ජනවාරි 2 මාස 3ක් ගිහිල්ලත් බලශක්ති ඇමති නොරොච්චෝලේ ගියේ නෑ. හැබැයි විශ්වාසභංගයක් ගෙනාවාට පස්සේ ඇමති දැන් නොරොච්චෝලේට වෙලා ඒ වංචාව වහන්න උත්සාහයක් ගනිමින් ඉන්නවා.
ගල්අඟරු වංචාව වහන්න ඇමතිතුමා බලාගාරයට වෙලා ලොකු උත්සාහයක් ගනිමින් ඉන්නවා. රිපෝර්ට් එළියට නොදා. ගජ මිතුරෙක් දාලා මේක වහන්න හදනවා. දැන් ආණ්ඩුව කියන්න හදන්නේ දූෂණයක් තියනවා වගේ තමයි හැබැයි මේ හදන්නේ අපේ නෙවෙයි වරද කියන්න. රටේ විවිධ වංචා වෙනවා, මේ සියල්ලට විරුද්ධව දැන් පක්ෂ එකට එකතු වෙලා. සන්ධාන ගත වෙනවා එක එක දේවල් වෙනවා."
