මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 147ක් ඉරණවිල හෝටලයකදී අත්අඩංගුවට

මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 147ක් ඉරණවිල හෝටලයකදී අත්අඩංගුවට

April 3, 2026   10:39 am

අන්තර්ජලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීමට අදාළව විදෙස් ජාතිකයින් 147 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත ඉරණවිල පිහිටි හෝටලයක සිටියදී මෙම පිරිස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතිකයින් 133ක්, බංගලාදේශ ජාතිකයින් 13ක් සහ වියට්නාම් ජාතියෙක් සිටින බව පොලීසිය සඳහන් කරයි.