සිල්ලර මිලට සහල් අලෙවිය ප්‍රතික්ෂේප කළ වෙළඳුන්ට නඩු
March 29, 2026 02:43 pm
සහල් සන්තකයේ තබා ගනිමින් සිල්ලර මිලට විකිණීම ප්‍රතික්ෂේප කළ වෙළඳුන් කිහිප දෙනෙකු සඳහා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර තිබේ.
ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ වැටලීම් අංශය විසිනි.
ලද පැමිණිල්ලකට අනුව අද (29) පෙරවරුවේ කිරුළපන පොදු වෙළෙඳ සංකීර්ණයේ මෙම වැටලීම සිදු කර ඇත.
පාරිභෝගික පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි විසින් උත්සව සමයේ සහල් සහ අත්‍යවශ්‍ය ආහාර සම්බන්ධයෙන් නිරන්තර වැටලීම් සහ ප්‍රදේශ මට්ටමින් විමර්ශන සිදු කරනු ලබයි.
ඒ අනුව මෙම වැටලීම සිදු කළ බව එම අධිකාරිය සඳහන් කරයි.
සිල්ලර වෙළඳාමට වෙළඳ බලපත්‍රය ලබාගෙන ඇතිව තැනැත්තා සහල් සඟවාගෙන හෝටල්වලට පමණක් අලෙවි කිරීම සිදුකර ඇති බව මෙහිදී අනාවරණ විය.
මෙම වැටලීම සිදු කර අවස්ථාවේදී වෙළඳසැලේ හිමිකරු සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් නිලධාරීන් අතර උණුසුම් කතාබහක් ද ඇති වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
භාණ්ඩ සන්තකයේ තබා ගනිමින් විකිණීම ප්‍රතික්ෂේප කිරීම සහ වැඩි මිලට භාණ්ඩ විකිණීම යන වැරදි සිදු කිරීමෙන් වළකින ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙළඳුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
