මුදල් වංචාවකට සැකපිට මොනරාගල ප්රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
March 29, 2026 01:44 pm
මුදල් වංචාවක් සම්බන්ධයෙන් මොනරාගල ප්රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මොනරාගල පොදු වැසිකිලිය ටෙන්ඩර් ගෙන ඇති අයගෙන් අයවිය යුතු රුපියල් 50,000ක මුදලක් ලදුපතක් නිකුත් නොකර මොනරාගල නගරයේදී ලබා ගැනීමේදී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අද (29) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධව ඉදිරි විමර්ශන සහ අධිකරණ කටයුතු සඳහා මොණරාගල පොලීසියට ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වේ.
