මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
March 29, 2026 06:43 am
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (29) දින 30ක් ගතවී ඇත.
Update - 5.02PM
අද (29) පමණක් ඉරානයේ සිට එල්ල කරන ලද බැලස්ටික් මිසයිල 16ක් සහ ඩ්‍රෝන යානා 42ක් සාර්ථකව විනාශ කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
---------------------------
Update - 4.52PM
ගල්ෆ් කලාපයේ රටවලට ඉරානය එල්ල කරන ප්‍රහාරවලින් විනාශ වූ වැදගත් ස්ථාන සහ සිවිල් වැසියන්ට සිදු වූ හානි සඳහා ඉරානය වන්දි ගෙවිය යුතු බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති උපදේශක අන්වර් ගර්ගාෂ් පවසා තිබේ.
---------------------
Update - 4.46PM
ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
-----------------------
Update - 4.33PM
අමෙරිකාව සහ ඊශ්‍රායලය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් සිටින බව ඉරාන විදේශ අමාත්‍ය අරාග්චි පවසයි.
-----------------------
Update - 4.23PM
සෞදි විදේශ අමාත්‍යවරයා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට පැමිණ තිබේ.
එහිදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන අතර, ඊට පකිස්ථානය, ඊජිප්තුව සහ තුර්කිය යන රටවල නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය.
-----------------------
Update - 4.02PM
ඉරානයේ සිට එල්ල කරන ලද බැලස්ටික් මිසයිල මාලාවක් ඊශ්‍රායල හමුදාව විසින් හඳුනාගෙන ඇති බව සඳහන් වෙයි.
මේ හේතුවෙන් ටෙල් අවිව්, ජෙරුසලම සහ අෂ්ඩොඩ් ඇතුළු ඊශ්‍රායලයේ ප්‍ර දේශ කිහිපයක අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර ඇත.
----------------------
Update - 3.22PM
අමෙරිකාව ප්‍රසිද්ධියේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳීමට උත්සාහ කරන බව පෙන්වන නමුත්, රහසින් ඉරානයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කරන බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් පවසා තිබේ.
--------------------
Update - 2.42PM
පසුගිය පැය කිහිපය තුළ එල්ල වූ ඩ්‍රෝන යානා 10ක් සාර්ථකව විනාශ කර ඇති බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
-------------------
Update - 1.27PM
ටෙහෙරාන්හි පිහිටි කටාර් රූපවාහිනී කාර්යාලයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් කාර්යාලයට් හානි සිදුව ඇති බව සඳහන් වෙයි.
-----------------------
Update - 12.47PM
ඊශ්‍රායල හමුදාව ප්‍රථම වතාවට සිරියාවේ සිට ලෙබනනය දෙසට ගොඩබිම් මාර්ගයෙන් ප්‍රහාරාත්මක මෙහෙයුමක් දියත් කර තිබේ.
-----------------------
Update - 11.30AM
පසුගිය පැය 24 පුරා ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයක ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් දිගින් දිගටම ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
----------------------
Update - 10.56AM
කාම්බෝජයේ ඩීසල් සහ ගෑස් මිල ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
-----------------
Update - 10.20AM
ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානය අද උදෑසන ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයට ප්‍රහාර මාලාවක් එල්ල කළ බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
------------------------
Update - 10.12AM
කුවේට් ජාතික ආරක්ෂක බලකාය විසින් එරට ගුවන් සීමාවට ඇතුළු වූ ඩ්‍රෝන යානා හතරක් වෙඩි තබා විනාශ කර තිබේ.
--------------------------
Update - 10.01AM
බහරේනයේ ඇලුමිනියම් කර්මාන්තශාලාවකට ඉරාන ප්‍රහාරයක් එල්ල වී තිබේ.
------------------------
Update - 09.30AM
ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නුවර ප්‍රබල පිපිරුම් ශබ්ද කිහිපයක් ඇසී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
--------------
Update - 07.30AM
ඉරානයේ ගොඩබිම් යුද මෙහෙයුමක් සිදු කිරීමට පෙන්ටගනය සුදානම් වෙමින් සිටින බව 'වොෂින්ටන් පෝස්ට්' පුවත්පත වාර්තා කර තිබේ.
එය සති කිහිපයක් පුරා ක්‍රියාත්මක වන දැවැන්ත මෙහෙයුමක් වනු ඇති බව එහි දැක්වෙයි.
--------------
Update - 06.42AM
ඉරානයේ ටෙහෙරාන්හි පිහිටා ඇති විද්‍යා සහ තාක්ෂණික විශ්වවිද්‍යාලයට ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ මැදපෙරදිග ඇති ඊශ්‍රායල - අමෙරිකා විශ්වවිද්‍යාල ඉලක්ක කරන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු අඟවා තිබේ.
