මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

March 29, 2026   06:43 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (29) දින 30ක් ගතවී ඇත.

--------------------------

Update - 10.30PM 

ඉරානයට එරෙහිව අමෙරිකාව හා ඊශ්‍රායලය ඇරඹූ යුද්ධයේදී ඉරාකය කටයුතු කළ ආකාරය ගැන ඉරාන නව උත්තරීතර නායක මොජ්තබා කමේනි ඉරාක පූජක පක්ෂයට සහ ජනතාවට සිය ස්තූතිය පිරිනමා තිබේ.

--------------------------

Update - 9.45PM 

දකුණු ලෙබනන් කලාපය තුළ පිහිටි "ආරක්ෂිත කලාපය" තවදුරටත් පුළුල් කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට උපදෙස් දී තිබේ. 

--------------------------

Update - 9.00PM 

ඊශ්‍රායල පාපන්දු ක්‍රීඩකයෙකු හමුදා නිල ඇඳුමෙන් සැරසී දකුණු ලෙබනනයේ ප්‍රහාර එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝවක් හේතුවෙන් ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙස පාපන්දු බලධාරීන් සහ ප්‍රේක්ෂකයින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් (FIFA) ඉල්ලා සිටිති.

----------------------

Update - 8.45PM 
අමෙරිකාවට සහ ඊශ්‍රායලයට එරෙහිව තුර්කියේ දැවැන්ත විරෝධතාවක් පවත්වා ඇත.

පවතින දැඩි වර්ෂාව මධ්‍යයේ වුවද, ඉරානය, ලෙබනනය සහ පලස්තීනය තුළ සිදුවන යුද ගැටුම්වලට එරෙහිව විරෝධය පෑම සඳහා දහසකට ආසන්න පිරිසක් ඉස්තාන්බුල් නුවර මධ්‍යයට රැස්ව සිටි බව සඳහන් වේ.

----------------------

Update - 8.10PM 

ඊශ්‍රායලයේ දකුණු දිග ප්‍රදේශයේ පිහිටි රසායනික කර්මාන්ත ශාලාවකට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් ඇතිවිය හැකි අන්තරායකර විෂ වායු කාන්දුවීමක් පිළිබඳව බලධාරීන් ප්‍රදේශවාසීන්ට අනතුරු අඟවා තිබේ. මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ බීර්ෂෙබා නගරයට කිලෝමීටර් 9ක් දකුණින් පිහිටි නියොට් හොවව් (Neot Hovav) කාර්මික කලාපයයි.

------------------

Update - 8.00PM 

ජෝර්දානයේ ස්ථාපිත කර ඇති අමෙරිකානු හමුදා ඉලක්ක කර ගනිමින් තමන් ප්‍රහාර එල්ල කළ බව ඉරාන හමුදාව පවසා තිබේ. ඉරාන ඩ්‍රෝන යානා මගින් ජෝර්දානයේ අස්රාක් හි පිහිටි මුවෆක් සල්ටි ගුවන් කඳවුරේ හමුදා නිලධාරීන් රැඳී සිටින ස්ථාන සහ හමුදා උපකරණ වෙත ප්‍රහාර එල්ල කළ බව එලෙස වාර්තා වේ.

-------------------

Update - 7.45PM 

යේමනයේ හූති කැරලිකරුවන් විසින් ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල කරන ලද ප්‍රහාර දෙකක් ප්‍රංශය දැඩි ලෙස හෙළා දැක තිබේ. ඉරානය සමඟ පවතින අමෙරිකා-ඊශ්‍රායල ගැටුමට මැදිහත් වෙමින් හූති සටන්කාමීන් මැදපෙරදිග කලාපයේ උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් උග්‍ර කරන බවට ප්‍රංශය චෝදනා කරයි.

--------------------

Update - 7.15PM 

ඉරානයට එරෙහිව අමෙරිකා - ඊශ්‍රායල යුද්ධය ආරම්භ වූ දා සිට අවම වශයෙන් සිසුන් සහ ගුරුවරුන් 250 දෙනෙකු මියගොස් ඇති අතර අධ්‍යාපන ආයතන 600ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන් වේ.

----------------------

Update - 7.00PM 

නීතිවිරෝධී වීඩියෝ ගත කිරීම් සහ අසත්‍ය තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් ඉරානයෙන් පුද්ගලයින් 35ක් අත්අඩංගුවට ගෙන තිබේ.

හමුදා කඳවුරු වැනි සංවේදී ස්ථාන නීතිවිරෝධී ලෙස වීඩියෝ ගත කිරීම සහ "සතුරු" මාධ්‍ය ජාල සමඟ සම්බන්ධතා පැවැත්වීමේ චෝදනා මත පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 19 දෙනෙකු අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.

----------------------

Update - 6.45PM 

ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයේ ප්‍රදේශ කිහිපයක් ඔස්සේ ඉදිරියට ඇදෙමින් පවතින බව විදෙස් පුවත් වාර්තා කරයි.

----------------------

Update - 6.15PM 

ඊජිප්තුව, තුර්කිය, සෞදි අරාබිය සහ පකිස්තානය නියෝජනය කරන විදේශ අමාත්‍යවරුන් අතර ඉහළ මට්ටමේ සාකච්ඡා ආරම්භ වී තිබේ.

අමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය සමනය කිරීම සහ අනෙකුත් කලාපීය ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම කලාපීය බලවතුන් අද (29) සහ හෙට (30) පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට රැස්වෙන බව සඳහන් වේ.

---------------------

Update - 5.50PM 

දකුණු ඉරානයේ ෆාර්ස් පළාතේ පිහිටි ෂිරාස් නගරයේ පිපිරීම් හතරක් සිදුවී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

---------------------

Update - 5.17PM 

පිසින ගෑස් මෙට්‍රික් ටොන් 94,000ක් රැගත් ඉන්දියාව බලා යාත්‍රා කරන නැව් දෙකක්, මැදපෙරදිග පවතින අවදානම් සහගත හෝමුස් සමුද්‍ර සන්ධිය ආරක්ෂිතව පසු කර තිබේ.
-----------------------

Update - 5.02PM 

අද (29) පමණක් ඉරානයේ සිට එල්ල කරන ලද බැලස්ටික් මිසයිල 16ක් සහ ඩ්‍රෝන යානා 42ක් සාර්ථකව විනාශ කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

---------------------------

Update - 4.52PM 

ගල්ෆ් කලාපයේ රටවලට ඉරානය එල්ල කරන ප්‍රහාරවලින් විනාශ වූ වැදගත් ස්ථාන සහ සිවිල් වැසියන්ට සිදු වූ හානි සඳහා ඉරානය වන්දි ගෙවිය යුතු බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති උපදේශක අන්වර් ගර්ගාෂ් පවසා තිබේ.

---------------------

Update - 4.46PM 

ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
-----------------------

Update - 4.33PM 

අමෙරිකාව සහ ඊශ්‍රායලය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් සිටින බව ඉරාන විදේශ අමාත්‍ය අරාග්චි පවසයි.

-----------------------

Update - 4.23PM 

සෞදි විදේශ අමාත්‍යවරයා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට පැමිණ තිබේ.

එහිදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන අතර, ඊට පකිස්ථානය, ඊජිප්තුව සහ තුර්කිය යන රටවල නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය.

-----------------------

Update - 4.02PM 

ඉරානයේ සිට එල්ල කරන ලද බැලස්ටික් මිසයිල මාලාවක් ඊශ්‍රායල හමුදාව විසින් හඳුනාගෙන ඇති බව සඳහන් වෙයි.

මේ හේතුවෙන් ටෙල් අවිව්, ජෙරුසලම සහ අෂ්ඩොඩ් ඇතුළු ඊශ්‍රායලයේ ප්‍ර දේශ කිහිපයක අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර ඇත.

----------------------

Update - 3.22PM 

අමෙරිකාව ප්‍රසිද්ධියේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳීමට උත්සාහ කරන බව පෙන්වන නමුත්, රහසින් ඉරානයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කරන බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් පවසා තිබේ.

--------------------

Update - 2.42PM 

පසුගිය පැය කිහිපය තුළ එල්ල වූ ඩ්‍රෝන යානා 10ක් සාර්ථකව විනාශ කර ඇති බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

-------------------

Update - 1.27PM 

ටෙහෙරාන්හි පිහිටි කටාර් රූපවාහිනී කාර්යාලයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් කාර්යාලයට්‍ හානි සිදුව ඇති බව සඳහන් වෙයි.
-----------------------

Update - 12.47PM 

ඊශ්‍රායල හමුදාව ප්‍රථම වතාවට සිරියාවේ සිට ලෙබනනය දෙසට ගොඩබිම් මාර්ගයෙන් ප්‍රහාරාත්මක මෙහෙයුමක් දියත් කර තිබේ.

-----------------------

Update - 11.30AM 

පසුගිය පැය 24 පුරා ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයක ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් දිගින් දිගටම ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

----------------------

Update - 10.56AM 

කාම්බෝජයේ ඩීසල් සහ ගෑස් මිල ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

-----------------

Update - 10.20AM 

ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානය අද උදෑසන ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයට ප්‍රහාර මාලාවක් එල්ල කළ බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

------------------------

Update - 10.12AM 

කුවේට් ජාතික ආරක්ෂක බලකාය විසින් එරට ගුවන් සීමාවට ඇතුළු වූ ඩ්‍රෝන යානා හතරක් වෙඩි තබා විනාශ කර තිබේ.

--------------------------

Update - 10.01AM 

බහරේනයේ ඇලුමිනියම් කර්මාන්තශාලාවකට ඉරාන ප්‍රහාරයක් එල්ල වී තිබේ.

------------------------

Update - 09.30AM 

ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නුවර ප්‍රබල පිපිරුම් ශබ්ද කිහිපයක් ඇසී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

--------------

Update - 07.30AM 

ඉරානයේ ගොඩබිම් යුද මෙහෙයුමක් සිදු කිරීමට පෙන්ටගනය සුදානම් වෙමින් සිටින බව 'වොෂින්ටන් පෝස්ට්' පුවත්පත වාර්තා කර තිබේ. 

එය සති කිහිපයක් පුරා ක්‍රියාත්මක වන දැවැන්ත මෙහෙයුමක් වනු ඇති බව එහි දැක්වෙයි. 

--------------

Update - 06.42AM 

ඉරානයේ ටෙහෙරාන්හි පිහිටා ඇති විද්‍යා සහ තාක්ෂණික විශ්වවිද්‍යාලයට ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ මැදපෙරදිග ඇති ඊශ්‍රායල - අමෙරිකා විශ්වවිද්‍යාල ඉලක්ක කරන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු අඟවා තිබේ.