කුවේට් ගුවන්තොටුපොළට ඩ්‍රෝන ප්‍රහාර - මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

කුවේට් ගුවන්තොටුපොළට ඩ්‍රෝන ප්‍රහාර - මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

March 28, 2026   06:52 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (28) දින 29ක් ගතවී ඇත.

---------------------

Update - 2.49PM

ඕමානයේ සලාලා (Salalah) වරායට සැලකිය යුතු දුරකින් මුහුදේ තිබූ අමෙරිකානු හමුදා ආධාරක නෞකාවකට තම හමුදාව ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසා තිබේ.
-----------------------

Update - 2.40PM

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර නිසා ඉරානයේ ප්‍රධාන වානේ කර්මාන්තශාලාවක නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

--------------------------

Update - 2.27PM

ඊශ්‍රායල ගුවන් සහ නාවික හමුදා එක්ව දකුණු ලෙබනනයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රී කාලයේදී ප්‍රහාර එල්ල කර තිබේ.

එම ප්‍රහාර හේතුවෙන් හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් දෙදෙනෙකු මියගිය බව ඊශ්‍රායල හමුදාව පවසා තිබේ.

---------------------------

Update - 2.24PM

දකුණු ලෙබනනයේ 'අල්-හනියා' (al-Haniyah) නගරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා සඳහන් වෙයි.
-----------------------

Update - 1.53PM
ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයේ නගර කිහිපයකට අඛණ්ඩව ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව ලෙබනන් රජය වාර්තා කර තිබේ.

----------------------------

Update - 1.33PM

කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බව කුවේට් පුවත් ඒජන්සිය වාර්තා කරයි.

මෙම ප්‍රහාරවලින් ගුවන්තොටුපොළේ රේඩාර් පද්ධතියට බරපතල හානි සිදුවී තිබේ.

--------------------------

Update - 1.31PM

ඉරාකය තුළ පිහිටි අමෙරිකානු මධ්‍යස්ථානවලට සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කරන ප්‍රහාර වැළැක්වීම සඳහා දෙරටේම සහයෝගීතාව වැඩිකිරීමට අමෙරිකාව සහ ඉරාකය තීරණය කර ඇත.
-------------------------

Update - 1.04PM

මාසයක් තිස්සේ පවතින මෙම යුද්ධය අතරතුර ප්‍රථම වතාවට ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව යේමනයේ හූති කැරලිකරුවන් නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

---------------------------

Update - 12.27PM

ඉරානයේ සහය ලබන ඉරාක සන්නද්ධ කණ්ඩායම් එකතුවක් වන ඉරාකයේ ඉස්ලාමීය ප්‍රතිරෝධී කණ්ඩායමක් විසින් ජෝර්දානයේ ගුවන් කඳවුරු කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබේ.

-----------------------

Update - 12.01PM

කුවේට්හි තෙල් බැරලයක මිල ඩොලර් 8.10කින් ඉහළ ගොස් ඇති අතර, දැන් එහි මිල ඩොලර් 118.93 ක් වන බව කුවේට් පුවත් ඒජන්සිය වාර්තා කර තිබේ.

----------------------------

Update - 11.50AM

ඉරානයේ උතුරු ප්‍රදේශයේ පිහිටි ගොලෙස්තාන් (Golestan) පළාතේ සන්නද්ධ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයන් දෙදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

---------------------------

Update - 11.17AM

බහරේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් එරට වැසියන් වෙත හදිසි ආරක්ෂක පණිවුඩයක් නිකුත් කර තිබේ.

----------------------

Update - 11.13AM

තායිලන්තයේ තෙල් නැව්වලට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට ඉරානය සමඟ එකඟතාවයකට පැමිණි බව තායිලන්ත අග්‍රාමාත්‍ය අනුටින් චාන්විරකුල්  පවසා තිබේ.

-----------------------

Update - 10.22AM

අමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) ප්‍රධානී කෑෂ් පටෙල්ගේ (Kash Patel) පෞද්ගලික විද්‍යුත් තැපැල් ගිණුම හැක් කර ඇති බව එම ආයතනය තහවුරු කර තිබේ.

--------------------------

Update - 10.00AM

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන අබුඩාබි නගරයට එල්ල වූ බැලස්ටික් මිසයිල එරට ආරක්ෂක අංශ විසින් අහසේදීම විනාශ කර ඇති අතර, එහි සුන්බුන් පතිත වීමෙන් ඉන්දීය ජාතිකයින් පස් දෙනෙකු තුවාල ලබා ඇත.

-------------------------

Update - 9.52AM

ඉරානයේ තෙහෙරාන් නුවර පිහිටි ඉරාන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයට අද අලුයම ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

--------------------------

Update - 9.30AM

යේමනයේ සිට ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඊශ්‍රායල හමුදාව විසින් හඳුනාගෙන තිබේ.

--------------------------

Update - 8.59AM

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරූට් අගනුවර දකුණු තදාසන්න ප්‍රදේශවලට මධ්‍යම රාත්‍රියේදී ප්‍රහාර එල්ල කර ඇත.

----------------------

Update - 7.58AM

සිරියාවේ අගනුවර වන දමස්කස් (Damascus) නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල ප්‍රබල පිපිරීම් කිහිපයක් සිදුවී ඇති බව සිරියානු රජය වාර්තා කර තිබේ.

------------------------

Update - 7.31AM

ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව ඊශ්‍රායල හමුදාව තහවුරු කර තිබේ.

--------------------------

Update - 6.52AM

සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ප්‍රහාරයෙන් අමෙරිකානු සෙබළුන් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්ය.