සෞදියේ ප්‍රින්ස් සුල්තාන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාරයක්
March 28, 2026 06:21 am
සෞදි අරාබියේ අල් කර්ජ්හි පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ප්‍රහාරයෙන් අමෙරිකානු සෙබළුන් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව අමෙරිකානු හමුදා උසස් නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත තහවුරු කර ඇත.
ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වූ පෙබරවාරි 28 සිට මේ දක්වා කාලය තුළ ඉරාන ප්‍රහාරවලින් අමෙරිකානු සෙබළුන් 300කට වැඩි පිරිසක් මේ වනවිට තුවාල ලබා තිබේ.
ඔවුන්ගෙන් 273 දෙනෙකු යළි රාජකාරි අරඹා ඇති බව සඳහන්ය.
කෙසේ නමුත් මෙම ගැටුමේදී අමෙරිකානු සෙබළුන් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබේ.
