මැදපෙරදිග යුද්ධයෙන් රුසියාවේ කල්ල මරේ

මැදපෙරදිග යුද්ධයෙන් රුසියාවේ කල්ල මරේ

March 27, 2026   08:38 am

අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කර ඇති යුද්ධය මධ්‍යයේ රුසියාවේ තෙල් සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

එම වාර්තා පෙන්වා දුන්නේ, රුසියාව අවම වශයෙන් දිනකට අමෙරිකානු ඩොලර් මිලියන 760කට අධික ආදායමක් උපයන බවය.

ඒ අනුව රුසියාව මාර්තු මාසය අවසන් වනවිට ඩොලර් බිලියන 3.3 සිට 4.9 දක්වා අගයකින් අතිරික්ත ලාබයක් උපයනු ඇතැයි සඳහන්.

ඉරානයට එරෙහි යුද්ධය අතරතුර ගෝලීය බලශක්ති වෙළෙඳපොළ ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් රුසියානු ඛනිජ තෙල් මිලදීගැනීම සඳහා අමෙරිකාව විසින් පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රුසියාවේ ආදායම් මෙලෙස ඉහළගොස් ඇත.

මුහුදේ යාත්‍රා කරන නෞකාවල පවතින රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් අප්‍රේල් 11 වනදා තෙක් මිලදී ගැනීමට ලොවපුරා රටවලට මේ වනවිට අවස්ථාව උදාවී තිබේ.

රුසියානු ආර්ථික විද්‍යා වාර්තාවක් උපුටාගනිමින් විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ, සම්බාධක නිදහස් කිරීම්වලින් පුටින් ලාභ ලබන බවය.

තෙල් හා ගෑස් අලෙවියෙන් රුසියාවේ ආදායම මෙම මාසය අවසානයේ දී ඩොලර් බිලියන 12 සිට ඩොලර් බිලියන 24 දක්වා දෙගුණ වනු ඇති සඳහන්.