මාරක අනතුරු කිහිපයක් - ජීවිත 6ක් අහිමි වෙයි

මාරක අනතුරු කිහිපයක් - ජීවිත 6ක් අහිමි වෙයි

March 27, 2026   07:53 am

දිවයිනේ විවිධ ප්‍රදේශවලදී සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (26) මෙම අනතුර සිදුව තිබුණේ  පේරාදෙණිය, මාලඹේ, නිකවැරටිය, කළුතර, කෝපායි සහ අලව්ව යන පොලිස් වසම්වලදීය.

පේරාදෙණිය ප්‍රදේශයේදී මෝටර් රථයක් පදිකයෙකුගේ ගැටී 46 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

මේ අතර මාලඹේ ප්‍රදේශයේදී මෝටර් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් 25 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර නිකවැරටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් හා යතුරුපැදියක් අතර සිදුවූ අනතුරකින් 33 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර, තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

එමෙන්ම කළුතර උතුර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පාපැදිකරුවෙකුගේ ගැටීමෙන් 59 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

මේ අතර කෝපායි ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පදිකයෙකුගේ ගැටීමෙන් 56 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවද, අලව්ව ප්‍රදේශයේදී ලොරි රථයක් පදිකයෙකුගේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.